chapter 53

43 15 0
                                    

ජිසා අසලින් වාඩි වූ ජිමින් තමා ලද නවතම අත්දැකීම විස්තර කරන්නට වූයේය.

පසුදාට පහන් වූයේ පාර්ක් යුවළට ප්‍රශ්න රැසක් ඇති කරමිනි. ජිසාට උවමනා වූයේ දේවගැතිවරයා කවදා පැමිණෙන්නේදැයි යන්න දැන ගැනීමටයි.

" කවද්ද ෆාදර් එන්නෙ......... ''

'' හරියටම කිව්වේ නැහැ.....බලමු..... මං අද කතා කරල බලන්නං "

ජිමින්ට අවශ්‍ය වුයේ ද මේ ප්‍රශ්න හැකි ඉක්මනින් ඉවරයක් කර දමා නිවීහැනහිල්ලේ සිය ජීවිතය ගෙවීමටයි. එහෙයින් දේව ගැතිවරයාගේ පැමිණීම ඔහුටද අත්‍යවශ්‍ය වූවක් විය. මඳක් දහවල් වී දේවගැති ටේහ්‍යුන් ට කතා කළ ජිමින් ඔහුගෙන් විමසා සිටියේ එදින සවස්වරුවේ තම නිවසට පැමිණීමට හැකිවේ ද යන්නයි.

එදින සවස්වරු වේ, වෙනත් වැදගත් කටයුත්තක් නොතිබූ හෙයින් එහි පැමිණීමට දේවගැති ටේහ්‍යුන්  එකඟ වූයේ ජිමින්ගේ සිතට සැනසුමක් ගෙන දෙමිනි. රාත්‍රියේ දී පමණක් නොව දිවා කාලයේ දී ද අසාමාන්‍ය සිදුවීම් වලට මුහුණ දීමට තමන්ට සිදු වූ බව ඔවුන් මනාව වටහා ගෙන තිබිණි. මේ කියන දවසේදීත් ජිසාට පෙර දිනක දී අත්විඳීමට සිදු වූ සිද්ධියක් නැවත සිදු විය. ජිමින් හා මුළුතැන්ගෙයි දිවා ආහාරය සැකසීමේ නිරතව සිටි ජිසාට පෙර දිනකදී දැනුණු හිතල නැවත දැනෙන්නට විය. මෙවර එය ඇයට දැනෙන්නට වූයේ වතුර කරාමය ඇති තැන මුල්ලට වන්නටයි.

" ජිම් ... චුට්ටක් මෙහෙට එන්න... " යි ජිසා පැවසූයේ කෙදිරිලි ස්වරයෙනි. ඇය යමකට බියපත්ව ඇති සෙයක් ජිමින්ට පෙනිණි.

"ඒ පාර මොකක්ද? ' යි කී ජිමින් නැගී සිටියේය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now