Chapter 13

44 13 0
                                    

" මයි ගෝඩ්.. මේ මොකක්ද?.. "

ජිසාට නොදැනීම කියවුණේ රාක්කය පිටුපස තිබූ, එතර විශාල නොවූ දොරක් දැකීමෙනි.

"මොකක් ද මේ....මෙතන මොකක්වත් තියෙන බව අර මිනිහ අපිට කිවුවෙ නෑ....කෝකටත් බලමු ඇරලා..."

දොරට යතුරු දාල නම් තිබ්බෙ නෑ. ඇය දොර විවර කරද්දි එයින් නික්මුණේ මහා මුසල කෙඳිරියකි. දොරින් ඇතුළත වූයේ අන්ධකාරයයි. ජිසා වහා ම තමන් අසල වූ විදුලි පන්දම දල්වා එතුළට ඇල්ලුවා.

" මොකක්ද මේ කාමරේ... මොනවට ගත්ත එකක්ද මෙච්චර පොඩි කාමරයක් මොකටද?"

එහි වූයේ ඉතා කුඩා ප්‍රමාණයේ කාමරයකි. එය දිගින් අඩි පහක් ද පළලින් අඩි හතරක් ද විය. එතුළ කිසිදු බඩු බාහිරාදියක් එතුළ නොතිබූ අතර, එහි බිත්ති රතු පැහැයෙන් ආලේප කොට තිබිණි. එය කෙනෙකුට යන්තමින් හිටගන සිටීමට සෑහිණි. ඒ තුළ වූයේ ගුප්ත නිසල බවකි.

"මට නං හිතා ගන්නවත් බෑ මොකට මේ කාමරේ පාවිච්චි කළාද කියල. "

මෙහි දී තවත් විශේෂ යමක් සිදුවිණි. මෙපමණ වේලා ජිසා පිටුපසින්ම වාගේ දුව පනිමින් සැරි සැරූ ඔවුන්ගේ සුනඛ සුරතලා මේ කාමරය දෙස බලා බිරීමටත් අනතුරුව උඩු බිරිලීමටත් පටන් ගැනීමයි. මුල දී ඌ බුරන්නේ කුමකට දැයි ජිසාට නොවැටහුණු අතර මද වේලාවක් යද්දි උගේ අවධානය යොමු වී ඇත්තේ එම කාමරය දෙසට බව ඇය නිශ්චය කර ගත්තා.ජිසාගේ ඊළඟ පියවර වූයේ එය වඩාත් හොඳින් සනාථ කර ගැනීමට පර්යේෂණයක් කිරීමයි. එම කාමරය තුළට ගිය ඇය හැඊට කතා කළාය.

" හැරී... ගුඩ් බෝයි කම් ගියර් ඩාර්ලින්... මෙහෙ එන්න... හොද පැටියනේ... "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now