chapter 71

40 14 0
                                    

ජිමින් අවසන් වදන් සමූහය පැවසූයේ සිය පාදය ජිසා දෙසට වඩාත් සමීප කරවමිනි.

'' බැරි වෙලාවත් හැරීවත් ආවද ඔයා එක්ක සෙල්ලං කරන්නවත්..? "

" පිස්සුද "... අර ඉන්නෙ උ වත්තෙ ළමයි එක්ක... ඌ මේ පැත්ත පළාතෙවත් ආවෙ නෑ.. අනෙක ඌ මොකටද මාව හපන්නේ? ඌ කවදාවත් අපි කාවවත් හපල තියෙනවද?"

ජිසා තමාගේ සිතේ වූ චකිතය පහ කර ගැනීමට එම ප්‍රශ්නය ඇසුව ද එය එසේ නොවන බව සක් සුදක් සේ දැන සිටියාය. ජිම්ගේ තුවාලය සතෙකු හපා කෑ තුවාලයක් බව ඇයට ද නොපෙනෙන්නේ නොවේ. එහෙත්, අප්‍රාණික සිංහයෙක් කෙසේ නම් මිනිසෙක්ව හපා කන්නද? අනෙක් අතට මේ සිදුවීම තවත් අද්භූත සිද්ධියක්ද? මේ නිවසේ සිදුවන අමනුෂ්‍ය ක්‍රියාවලියේ තවත් පියවරක් ද? ඇය අන්දමන්දව ජිමිම් දෙස බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරවය. ඇගේ දැසින් නිහඬව කියවෙන කතාන්දරය ජිමින්ට හොඳින් වැටහිණි. මුල දී සුළු සුළු ශබ්ද හා සුළු සුළු අද්භූත සිදුවීම්වලට පමණක් සීමා වී තිබුණු තත්ත්වය දැන් දැන් ශාරීරික ආපදාවක් පැමිණවීමේ තත්ත්වයකට වර්ධනය වන බවක් ඔවුන් දෙදෙනාටම සිතිණි. වහ වහා යම් තීරණයකට එළඹිය යුතු වෙයි. මේ ගෙවී යන්නේ නව නිවසේ ඔවුන් ගත කරන විසිහය වෙනි දිනයයි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now