chapter 47

45 15 5
                                    

දේවගැති වරයා ඒ සියල්ලට ඉතා සාවධානව ඇහුම්කන් දීගෙන සිටියේ බැරෑරුම් මුහුණකිනි. තමත් ලද අත්දැකීම් එකින් එක විස්තර කොට හමාර වූ ජිමින් දේවගැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි බලා සිටියේ කුතුහලයෙන් මඬනා ලද සිතකිනි.

"මම පුදුම වෙන්නෙ නෑ ඔය වෙලා තියෙන දේ ගැන "

"ඒ කියන්නේ ෆාදර් මේක දැනගෙන හිටියද?"

'' සමහර විට ඔයාලා මට දොස් කියාවි මෙහෙම කියනවට..... ඔයාට මතකද ඔයාලා ඔය ගෙදරට පදිංචියට ආව දවසෙදිම මාව ගෙන්නුව බ්ලෙස් කරන්න..... ''

" ඔව්...."

" එදා මං ඉස් ඉස්සෙල්ලම බ්ලෙස් කරන්න ශුද්ධ වතුර ඉහපු වෙලාවේ මට ඇහුණු කවුරු හරි මට කියනව මෙහෙන් මකබෑවේ කිය..."

ජිමින්ගේ විස්මයට පත් විය. දේව ගැතිවරයා දිගටම තම කතාව කරගන ගියේය.

'' මං වටපිට බැලුව. ඔයා ඊට ටිකක් එහායින් වැඩක් කර කර හිටිය...ඒත් ඒක ඔයාට ඇහුණු බවක් පෙනුණෙ නැහැ.....මං හිතුව ඒක නිකං මගේ හිතලුවක් වෙන්න ඇති කියල..... "

"ඊට පස්සේ..... "

" ඊට පස්සෙ මං ගේ පුරාම බ්ලෙස් කර කර ශුද්ධ වතුර ඉස්සනේ......... එහෙම ගිහිං මං ගියා දෙවෙනි තට්ටුවේ මැහුම් කාමරේට.. "

"මැහුම් කාමරේට?...."

ජිමින්ට ඉබේම කියවුණේ, මේ මැහුම් කාමරය දැන් ඕනෑවටත් වඩා විවිධ අද්භූත සිද්ධීන් වලට මුල් වී තිබුණු නිසාමයි.

"ඔව්.... මැහුම් කාමරේට...ඒකෙ තිබුණේ පුදුම හීතලක්..... එක හරි අමුතු හීතලක්...  හරියට පාළු සොහොන් පිට්ටනියක රෑට දැනෙන හීතල වගේ "

____________________________

next chapter soon

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now