Chapter 28

44 13 4
                                    

" නෑ අනේ... ආ... බලන්න ඕන්නම් "

ජිසා සිය ගෙල පෙදෙස ජිමින්ට පෑවේ සුරතල් ලෙසිනි.

" ම්ම්...හරි පුදුමයි....මොකක්ද ඒ සුවඳ ? ' කොහෙන්ද ඒක එන්නෙ. හුළගක්වත් එන්න විදිය නැමන මෙතනට"

" ඒක තමයි මාත් බැලුවේ. හරි පුදුමයක්නෙ "

ඔවුන් ඒ ගැන කෙතරම් විපරම් කළත් ඒ සුවඳ කුසේදයි එමෙන්ම එය ගලා එන්නේ කොතනකින්දැයි ඔවුනට සොයාගත නොහැකි විය. ජිසා හා ජිමින් එකිනෙකා දෙස බලාගෙන සිටියේ වික්ෂිප්ත වූ මනස්වලින් යුතුවය. ඔවුන්ගේ ඒ නිසල බල බිඳී ගියේ සාලයෙන් නැගුණු කෑ ගැසීමක් නිසාය.

"අ... අම්මෙ.... මෙහෙ එන්නකො.. මේ බලන්න "

" තාත්තේ...... ඇවිත් බලන්නකො.... "

ජින්ගෙ සහ කුකීගෙ කටහඬවල් උස් හඬින් ඇහුනා ම ජිමිනුයි ජිසායි වහ වහා සාලයට දිව්වා. ඔවුන් පැමිණෙන විට ජින් හා කුකී බියපත් මුහුණින් යුතුව සාලයේ බිත්ති දෙස බලා සිටියහ.

සාලයේ බිත්තිවලින් කොළ පැහැ දිය සෙවෙල් වැනි උතු දියරයක් ගලමින් තිබිණි. මහා පරිමාණයෙන් නුවුව ද, ඒවා එක දිගට ගලමින් තිබිණි. ඒවා ගලා එන්නේ කොතැනකින්දයි පෙනෙන්නට තිබුණේ නැත. ජිසා හා ජිමින් මේ දසුනින් අන්දමන්දව ගියහ. වහා ඒ අසලට ගිය ජිමින් එක් තැනක් පිසදැමීමට තැත් කරත්ම ජිසා කෑ ගැසුවාය.

" එයි, ජිම් ඉන්න.... අල්ලන්ත එපා.... ග්ලවුස් දාගෙන ඉන්න.. "

ජිසා වහා ග්ලවුස් යුගලයක් ගෙනාවාය. එය දාගත් ජිමින් කොළ පැහැ දියරය ගලා ආ එක් තැනක් දබරැඟිල්ලෙන් පිස දම්මේ, ඒවා ගලා එන තැන නිසැකවම දැන ගන්න බලාපොරොත්තුවෙනි.

__________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now