Chapter 27

55 12 6
                                    

ජිසාට පෙර දිනයක දී ලද අත්දැකීම කිසි ලෙසකින්වත් තම බැහැර කිරීමට නොහැකි උනා. මේ ගෙවී යන්නෙ නත්තල් සමයයි. නත්තල් දිනයේ දී විශේෂ සිදුවීමක් සිදුනොවුණ ද පාන්දර 3 ට ජිමින්ට සිරිත් පරිදි අවදි වීමට සිදු විය. මෙය යම් අසාමාන්‍ය තත්ත්වයක් බව දැන් දැන් ජිමින්ට පැහැදිලි වෙයි. එසේ වුවද ඔහු තවම මේ බවක් ජිසාට පවසා නැත.

" මං මොකටද නිරපරාදෙ එයාගෙ හිත කලබල කරවන්නෙ. තව ටිකක් බලමු... සමහර විට තැන අලුත් නිසා වෙන්න ඇති..."

මේ අතර, නිවසේ යම් යම් ස්ථාන වල දී සිරුරට දනෙන ගීතල ගතිය පිළිබඳව ජිසා ස්වයං අධ්‍යයනයක් කොට තිබුණාය.

" මං හරි.. මේ ගෙයි තැන් වගයක් තියෙනව. ඒ තැන් වෙත තැන්වලට වඩා හීතලයි. "

ඒ නැත් ලෙස ඇය හදුනා ගෙන තිබුණේ මුළුතැන්ගෙයි මුල්ලක්,  දෙවන තට්ටුවේ මහන කාමරය, පළමු මහලේ කොරිඩෝවෙ තැනක්, සාලයේ එක්තරා ස්ථානයක් යන ස්ථානයි.

මේ ඇරෙන්නට තමන් මුළු තැන්ගෙයි සිටිද්දී කවුදෝ තමන් ආසන්නයේ හිටගෙන තම ගෙලට වැදෙන සේ උණුසුම් සුසුම් පිට කළ සිද්ධියත් ඇයට සිහි වෙයි. ඒ වෙලාවේ ඇය සිටියේ මුළු තැන්ගෙයි සින්ක් එක අසල අල සෝදමිනි.
(ඇයි මට මේකට හිනා ගියේ.... )

ගීයක් මුමුනමින් සිය කාර්යයෙහි නිරත වූ ඇයට, තමා අසලම යමෙක් සිටගන සිටිනවාක් මෙන් හැගිණි. සියලු සැහැල්ලු හැඟීම් සැණෙන් පහව යනු ඇයට දැනිණි. ඒ මදිවාට ඇගේ ගෙල පිටුපසට දැනුණේ ප්‍රශ්වාසයන් කිහිපයක උණුසුමයි. අතෙහි වූ අලගෙඩිය ඇය නොදැනුවත්වම සින්කයට අත හැරිණි. තිගැස්සී වහා ආපසු හැරී බැලූ ඇයට කිසිවකු දැකගත හැකි ජිසාට මෙම සිදුවීම සිහියට ආයේ එදා වගේම අදත් අල සේදීමෙහි යෙදී සිටි බැවිනි.

ජිමින් ද මුළුතැන්ගෙට පැමිණියේ ගීතයක් සිවුරුගම්බාමිනි.

( * සිවුරුගන්බාමිනි - මුමුනමිනි  ) 

" ඔයාට කෝපි එකක් හදල දෙන්නද? "

"ඒක නම් හොඳ අදහසක්....''

අල ගෙඩි කීපය එසේ තිබෙන්නට හැරී ජිසා ජිමින්ට කෝපි එකක් සාදා දීමට උත්සුක වූවාය. වතුර කේතලයේ ස්විච් එක දැමීමට ගිය ජිසා මද සිනාවක් දෙතොලේ රඳවා ගත ජිමින් දෙස හැරී බැලුවාය.

" ඔයා අලුත් පර්ෆියුම් එකක් ගත්තද? "

" මම?... නෑ.... මං මේ ඔයාගෙන් අහන්නයි හැදුවේ ඔයා අලුත් පර්ෆියුම් එකක් දැම්මද කියල..... "

මිහිරි සුගන්ධයක් මුළුතැන්ගෙය ආක්‍රමණය කරමින් තිබිණි. ජිමින් හා ජිසාට එකිනෙකාට ඉව අල්ලා බැලුවේ ඔවුනොවුන් කී දේ විශ්වාසයට නොගනිමිනි.

_____________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now