chapter 74

40 12 0
                                    

ජිසා සිහි එළවා ගැනීමට තැත් කළාය. තමා අවට මල් මිටියාවතක් වත්, වත් සමනල්ලුවත් නැත. තමා සිටින්නේ නිදන කාමරයේයි. එහෙත් දොර අසල ජින් කෑ ගසමින් සිටී. තමන් ගුවනේ පාවෙමින් සිටී..

"අම්මේ.... අම්මේ.... මොකෝ මේ... ඇයි අම්මා පා වෙන්නෙ "

ජිසා තව තවත් පියවි සිහියට එළඹීමට තැත් කළාය. මම මේ දකින්නේ සිහිනයක් ද නැත. සිහිනය අහවරය. එහෙත්, තමන් ගුවනේ පාවෙමින් සිටින බව සත්‍යයකි. ජිසා වඩාත් කුහුලෙන් යුතුව වට පිට බැලුවාය. තමාගේ නිදන ඇඳෙන් අඩි දෙකක් පමණ උඩින් තමා ගුවනේ රැදී සිටී. යථාර්ථය වෑටහුණු ජිසාගේ මුවෙන් නික්මුණේ බියකරු කෑ ගැසීමකි. ඒ සමගම සෘද්ධි බලයෙන් අහසෙන් ගිය තවුසකුගේ සෘද්ධි බල බිඳ වැටීමෙන් මෙන්, ඔසවා ගෙන සිටි යමක් අත හැරීමෙන් මෙන් ජිසා නැවතත් සිය යහන මතට පතිත වූවාය. විනාඩි කිහිපයක් ගතවන තෙක් ජිසා පසු වූයේ කිසිවක් හිතාමතා ගැනීමට නොහැකිවය. වහා ඇය අසලට පැමිණි ජින් ඇය වැලඳගත්තාය.

මවත් පුතාත් එකිනෙකා බදාගෙන වැලපෙන්නට වුයේ තමන් කෙතරම් අසරණ වී ඇතිදැයි යන හැඟීමෙනි. ජිමින් නිවසට පා තැබූ පසු වැඩිමහල්ලාගේත් සිය බිරිඳගේන් මුහුණුවල තිබූ වෙනස සැණෙකින් අවබෝධ කරගත්තේය. කුමක් හෝ දෙයක් සිදු වී තිබේ.

"ඇයි... මොකක්ද උනේ ? "

ඔහු මාරුවෙන් මාරුවට ජිසා දෙසත්, ජින් දෙසත් බලමින් ඇසුවේය. මඳ වේලාවක් නිහඬව උන් ජිසා, සිය වදන් පෙළ ගැස්සීමට වූවාය.

"මං දන්නවා... මේක කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ... ඔයාවත් මේක විශ්වාස කරාවිද මන්ද...ඒත් හොඳ වෙලාවට ජිනී ඒක එයාගෙ ඇස්වලින්ම දැක්ක..."

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now