chapter 70

40 12 1
                                    

" ඌයි..."

" ඉන්න... ඔයත් හරියට පොඩි එකෙක් වගේනෙ ... කාට හරි ඇහුණොත් හිතයි මහ ලොකු තුවාලයක් කියල... "

" හරි.. හරි.. සොරි මැඩම්..."

තමන් මුහුණ දෙන සියලු අලකලංචි හමුවේ මතුවන තැවුල්, කම්පනයන් මඳකින් හෝ පහවන්නේ මෙවන් සොඳුරු අල්ලාප සල්ලාපයන් නිසා බව ජිමින් මෙන්ම ජිසාත් දැන උන්හ.

"  ආනේ... මේ බලන්නකො.... "

ජිසා පැවසූයේ චකිතයට පත් වූ ස්වභාවයකිනි.

" ඇයි.. ඇයි.. මොකද?"

"මේ බලන්න ඔයාගේ තුවාලෙ දිහා..."

ජිමින් ද සිය ඇස්වටය දෙසට නැඹුරුව ඕනෑ කමින් තුවාලය නරඹන්නට වූයේය. තුවාලය සෑදී තිබුණේ සමේ තැන් හතරක් සිදුරු වීමෙනි. එම තැන් හතර පිහිටි ආකාරය සිහි ගැන්වූයේ සතෙකුගේ සපා කෑමකි. සැබැවින්ම ජිමින්ගේ ඇස් වටය යම් කිසි සතෙක් සපා කෑ අයුරකි. උඩු ඇන්දේ උල් දත් දෙකේ හා යටි අන්සේ උල් දත් දෙකේ පහරවල් ඉතා පැහැදිලිව සම මත සනිටුහන්ව තිබිණි.

ජිමිනිට ඉබේම චීන සිංහයා දෙස බැලුනා. චීන සිංහයා සුපුරුදු ලෙසින්ම මුව විවර කොට ඇස් දල්වා නිසොල්මනේ සිටී. උගේ මුවේ උඩු ඇන්දේ උල් දත් දෙකක්ද, යටි ඇන්දේ උල් දත් දෙකක් ද විය. මුවේ අනෙක් දත් නෙළා තිබුණේ සම දන්තයන් ලෙසටයි. මෙය නම් සිදු විය නොහැක්කකි.

අප්‍රාණික සිංහයෙක් තමා හපා කන්නේ කෙලෙස ද? අනෙක උගේ මුව කිසි විටෙක තමාගේ ඇගේ ගෑවුණේවත් නැති බව ජිමින්ට සහතිකය. සිදු වූයේ තමා එහි පැටලී බිම ඇඳ වැටීමත ඒ නිසාම බිමට වැටෙන්නට ගිය සිංහයාව කැඩී බිදී යාමට නොදී වත්තන් කරගැනීමත්ය.

එසේ නම් කොයින් ද වළලු කරට තුවාලයක් ? නිකංම නිකං තුවාලයක් නොව, උල් දත් ඇති සතෙකු සපා කෑ විට ඇතිවන අන්දමේ තුවාලයක් අර්ථ වඩාත් සැලකිල්ලෙන් සිංහයා දෙස බලා සිටින්නට විය. අනතුරුව සෙමෙන් නැගී සිට ඔහු සිංහයා අසලට ගොස් ජිසා දෙස හැරී බැලුවේය.

" ජිමින් ... ! ''

ජිසා උස් හඬින් කෑ ගැවේ ජිමින් අදහස් කළේ කුමක්දැයි ඇයට වැටහුණු නිසා විය යුතුය. ඇගේ කෑ ගැසීම ගැන අවධානය යෙමු නොකළ ජිමින් සිංහයා ඉදිරිපිට උක්කුටියෙන් වාඩි වී උගේ මුව පෙදෙස පිරික්සන්නට වූයේය.

" ජිමින්.. මොකක්ද ඔය කරන්නෙ.....මගේ දෙයියනේ.... ඔයා ඔය හොඳ සිහියෙන්ද ඉන්නෙ.... ඔයාට පිස්සුද?"

" බොරුවට කලබල වෙන්න එපා ඩාලින්......"

ජිමින් පැවසුයේ තියුණු හඬති. ඔහු නැවතත් ජිසා ඇමතීමට විණි.

" ඔයා හිතන්නේ මගෙ ඔළුව නරක් වේගන එනව කියලද?.තාම එහෙම නෑ ඒත් තව ටික දවසක් යනකොට එහෙම නූනොත් තමා පුදුමෙ..."

ඔයා මොකක්ද ඔය හොයන්නේ? ඔයා ඇත්තටම හිතනවද ඔය සිංහයා ඔයාව හැපුවයි කියල..."

" මං වෙන මොකක් හිතන්නද? මුගේ ඇඟේ හැපිල වැටෙනකං මට කිසි තුවාලයක් තිබුණේ නෑ.... ඒක ඔයත් දන්නවනෙ...හැපිල වැටිල බලන කොට මෙන්න බොලේ තුවාල වේලා හොඳයි... එහෙනං ඔයාම කියන්නකො මොකක්ද මේ කියල...ඔයා කියාවි මේක මේ හිරිමක් වැටෙන කොට හිරිලා වෙච්ච දෙයක් කියල......මේ බලන්න... බලන්න හොඳට මේක මොකෙක් හරි සතෙක් කාලා හැදුණු තුවාලයක් නෙවෙයිද? බලන්නකො හොඳට ... මේ...  "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Unde poveștirile trăiesc. Descoperă acum