Chapter 9

50 13 2
                                    

" අපොයි ඔව්... එයාල මේක බලන්න ආව දවසෙමයි ඒවා වෙන් කරගත්තෙ... ඇයි ෆාදර් එහෙම ඇහුවෙ... ?."

" නෑ.... මේ නිකමට... දෙව්ව්නි තට්ටුවෙ කාමරද එයාල තෝර ගත්තෙ...?

   වැඩිය හොදයි එයාලව පලවෙනි තට්ටුවේම තියාගන්නවානං... තාම පොඩීනෙ.... "

" නෑ...නෑ... දෙවෙනි තට්ටුවෙ කාමරනං නොදෙයි තෝරගත්තෙ... "

" ෆාදර්ගේ කතාව ඇත්ත...එයාලව ළඟින් ඉන්න තරමට හොදයි..."

" එහෙනං හරිනෙ... මං ගිහින් එන්නං...ගෝඩ් බ්ලෙස් යු ඕල්.... ජිසාටත් කියන්න මං ගියා කියලා....''

ජිමින්ගෙන් සමුගෙන මිදුලට ආ දේවගැතිවරයා තරමක් දුරට ගමන් කොට ආපසු හැරී නිවස දෙස බැලුවා. නිතැතින්ම ඔහුගේ දෙනෙත් යොමුවුණේ දෙවැනි තට්ටුවේ වූ පෙරකී කාමරය දෙසටයි. එදෙස බලත්ම කවුරුන් හෝ කෙනෙක් එහි වූ ජනේලය අසල සිට ඉවත්ව ගියාක් මෙන් ඔහුට හැගුනා.

"පිස්සු... ඒ මට පෙනුණ හැටි වෙන්න ඇති.....එක්කො ගෙදරම කෙනෙක් එතන ඉදල ගියා වෙන්නත් පුළුවන්..... මොනවද මට මේ හිතෙන විකාර...."

තමන්ටම දොස් පවරා ගනිමින් ගමන ඇරඹු දේවගැතිවරයා අඩියට දෙකට ඒ ඉඩ මෙන් පිට වීමට වගබලා ගත්තා පමණක් නොව, නැවත එදෙස හැරී නොබැලීමටද ප්‍රවේසම් වුනා....

ජිමින් හා පවුල නිවසට පිවිසෙද්දී, මිසී අත වැනූයේ ද මේ කාමරයේ ජනේලය අසල සිටි අයෙකුට බව ඒ වන විට ඔහු දැන සිටියේ නැහැ. එපමණක් නොව, මීට මාස 13 කට පෙර රොනල්ඩ් ඩිෆෝ විසින් ඝාතනය කරන ලද මාර්ක් හා ජෝන් ඩිෆෝ යන දෙසොහොයුරන්ගේ නිදන කාමරය මෙන්ම මරණ මංචකය ද වූයේ එම කාමරයම බව ඔහු දැන සිටියේ නැත.

රාත්‍රී එළඹෙත්ම බොහෝ දුරට පිළිවෙළක් වීමට ජිමින් ඇතුළු පිරිසට හැකියාව ලැබුනා. තව ඉතිරිව තිබුණේ සුළු සුළු වැඩ කීපයක් විතරයි. තම තමන්ගේ නිදන ඇඳන් පවා සූදානම් කරගත් ඔවුන් ඇඟිලි ගැණ ගැණ සිටියේ කොයි මොහොතේ ඇඳට වැටෙන්නේ ද කියායි.

" අමෝ... ඇති යන්තං .... අදනං වැටුණ ගමන් නින්ද යයි ..."

ජිසා කීවේ පොරෝනාව තුළට ගුළිවෙන ගමන්ය.

_____________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now