chapter 77

43 14 0
                                    

"ජිමින්... ඔයා දන්නවද එදා ඔයාලගේ ගෙදර බ්ලෙස් කරල ආවට පස්සේ මට වෙච්ච දේ..."

" ඇයි... ෆාදර් මොකද උනේ? "

දේවගැති ටේහ්‍යුන් ඔහුට මුහුණ පෑමට සිදු වූ අකරතැබ්බය ජිමින්ට පවසා සිටියේය.

"ජිමින්...අපිට සටන් කරන්න වෙලා තියෙන්නෙ යක්ෂයා එක්ක.. මං හිතන්නෙ නෑ මට මිට වඩා උදව් කරන්න පුළුවන් වෙයි කියල... අපේ මූලස්ථානෙ ඉන්න බිෂොප් විල්ස් ගැන තමයි මට හිතන්න වෙන්නෙ... කැමති ද ගිහින් එයාව හම්බ වෙන්න "

"ඒත් ෆාදර් එනකල් අපි කොහොමද මේවට මුණ දෙන්නේ... ඉස්සර වගේ නෙවෙයි දැන් ටික ටික ශාරීරික අඩන්තේට්ටු වලටත් එනව... ඒක හොඳ ලකුණක් නොවෙයිනෙ...''

"මට තේරෙනව ජිමින්... මං ඔයා මුලදිම කිව්වෙ.. පුළුවන්නං වෙනිං තැනක් හොයා ගන්න කියල....මට දැනුත් ඔයාලට දෙන්න තියෙන අවවාදෙ ඒකයි .. "

ජිසා සමඟ දීර්ඝ කතා බහක නියැළුණු ජිමින් දේවගැතිවරයාගේ අවවාදය ඇයට පැවසීය.

ඔවුන් මෙහි අලුතින් පදිංචියට ආ නිසා ඔවුන් සතුව හිත මිතුරෝද නොවූහ. අහල පහල අය සමගත්, නගරයේ පිරිස සමඟත් තිබුණෙ සාමාන්‍ය ඇයි හොදාසියක් පමණි. ඔවුන්ගේ ළඟම හිත මිතුරන් ජීවත් වන්නේ තරමක දුර බැහැරිනි.

මෙවන් හේතු නිසා තම නිවසේ සිදුවන අද්භූත ක්‍රියා පිළිබඳ කතාබහ කිරීමට ඔවුන්ට සිටියේ ඔවුන් දෙදෙනාම පමණි. ඒ හැරෙන්නට ඒ ගැන ඔවුන් පවසා තිබුණේ දේවගැතිවරයාව පමණි. එය ද සෙත් ශාන්තියක් ලබා ගැනීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගනිමිනි.

එසේ වුව ද ඔවුන් මෙම නිවසේ පදිංචිව සිටින බව දැනගන්නා පුද්ගලයන් ඒ ගැන ඔවුන්ගේ මතය හා එය නොකළ යුතු දෙයක් බව ප්‍රකාශ කළ අවස්ථා රැසක් ඔවුන්ගේ සිහියට එයි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now