Chapter 15

51 13 2
                                    

" අපි දැක්කා ලොකු මාලු.. "

"තාත්තා මටත් දුන්න චුට්ටක් එලවන්න.."

"ආ ඇත්තද...ෂෝක්නේ.. ඔයාල ඇග හෝදගෙන එහෙම එන්නකො... තේ බිබී තව තව කතා කරත හැකි... "

දරුවන් එහාට මෙහාට වන තෙක් සිටි ජිමින්, ජිසාගේ මුහුණ දෙස හොඳින් බැලුවා.

"ජිසා බබෝ.... මොකෝ නිකං බර කල්පනාවක වගේ. මොකද උනේ මොකක් හරි ප්‍රශ්නයක්ද? "

"ප්‍රශ්නයක්මත් නෙවෙයි. ඒත් පොඩි දෙයක් තියෙනව ඔයාට කියන්න... ඔයත් වොෂ් එකක් කාරිය දාගෙන එන්නකො මං හෙමිහිට කියන්නංකො...''

එදින රාත්‍රියේ නින්දට යාමට සැරසී ජිසා තමා සොයාගත් දේ පිළිබඳව ජිමින්ට කිව්වා. අනතුරුව හැරි ගැනත්, හැරී සම්බන්ධව තමා කළ පරීක්ෂණය ගැනත් ඇය ජිමින්ට කීව්වා බිම් මහලට ගොස් එය දැක බලාගත් ජිම්ට ද එය ප්‍රශ්නයක් වුනා.

"පුදුමයි....කෝ බලමු... ගෙයි  ප්ලෑන් එකේ මොකක්ද ඒකට කියල තියෙන්නේ කියල....."

ජෝර්ජ් එවෙලාවෙම නිවසේ සැලැසුම පිටතට ගෙන පරීක්ෂා කලා, ඒත් නිවසේ අන් සියලු කොටස් සැලැසුමේ මනාව ලකුණු කොට තිබුණ ද බිම්මහලේ පිහිටි එම කාමරය එහි සලකුණු කොට නොතිබුනා.

"එක්කො මේක ඩිෆෝලා පස්සෙ හදන්න ඇති....එක අතකට අපි මොකටද ඕක ගැන ඔච්චර හිතන්නේ ... ගෙවල්වලට ඕනෙ තරම් අලුතෙත් කැලි මුට්ටු කරන්නෙ... මං හිතන්නෙ ඒක එයාලා මොනව හරි ගබඩා කරන්න හදන්න ඇති. ඒත් එකෙ මොකුත් තිබුණෙ නෑනෙ. "

"කවුද දන්නේ... එක්කො එයාලත් මේ ගැන දැනගෙන හිටියෙ නැත්ද කියල අපි කොහොමද දන්නෙ...''

"ඔච්චර පොඩි කාමරයක්?... අනෙක ඇයි ඒක රතුපාට...''

"සමහර විට කවුරු හරි ඒක ඩාර්ක් රූම් එකකට පාවිච්චි කරන්න ඇති ෆිල්ම් ඊල්ස් සුද්ද කරන්න"

"ඒත් කවුරුවත් ෆොටෝග්‍රැෆි කරපු කෙනෙක් ඉඳල නැනෙ ඩිෆෝ පවුලේ..."

" අයියෝ... අයියෝ... ජිසා... ඔයාත් හරියට ෂර්ලොක් හෝම්ස් වගේනේ... මට පේන්නෙ ඔයා මේ ගැන ඕනෑවට වඩා හිතනව... ඔන්න ඕක අමතක කරල දාන්න, අපි ඕක උස්සගෙන ඉන්නවැයි... "

"නෑ... මං ඒ ගැන එහෙම හිතන්නෙ නෑ. ඒත් මට මන අමුත්තක් දැනුණ. ඒක දැක්කම... ඒකයි."

"ගණන් ගන්න එපා... මෙන්න මේ පැත්ත හැරෙන්න... ඕව අමතක වෙන්නත් එක්ක. "

ජිමින් ජිසාව තදින් සිපගනිමින් සූදානම් වන්නේ කුමකටදැයි වැටහුණු ඇයට සිනහ පහළ වූයේ ඉබේටමයි. එකිනෙකාගේ තුරුල්ලෙහි නිදි සුව ලැබීමට ඔවුන්ට එතරම් වේලාවක් ගත නොවීය. එදින ද ජිම්ට නින්දෙන් පිබිදීමට සිදු වුණේ ඉබේටමය. පෙර දින වාගේම වතුර එකක් බී ඇඳට වැටුණ ජිමින්ට ඔරලෝසුවේ පාන්දර 3 සටහන් වී තිබෙනු දක්නට ලැබිණි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now