Chapter 69

44 13 8
                                    

එහෙත්, ඔහු එම සිංහ රූපය පසුකරන්ම, ඉතා අසාමාන්‍ය අයුරින් ඔහුගේ පාදයක් සිංහ රූපයේ ගැටිණි. ඒ හාම සමබරතාව බිඳගත් ජිමින් බිමට ඇදගෙන වැටිණි.

සිංහ රූපයට බිමට ඇලවීගෙන ගිය ද වහා එය අල්ලාගැනීමට ජිමින් සමත් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සිංහ රූපයට බිමට ඇලවීගෙන ගිය ද වහා එය අල්ලාගැනීමට ජිමින් සමත් විය.

බිම ඇද වැටුණ ද එතරම් අමාරුවක් ඔහුට නොවුණ නිසා, වහා සිට ගැනීමට ඔහු සමත් විය. ඔහු ඇද වැටුණු ශබ්දය ඇසී ජිසා ද හා සාලයට දිව ආවාය. නිවසේ සිදුවන බොහෝ අලකලංචි නොදත් දරුවෝ එළිමහනේ එහෙ මෙහෙ දුව පනිමින් සිටියහ.

" ආ.. නේ. මොකද උනේ.. 😂අද බූමි වන්දනාවද. "

" අනේ මන්ද.... එකපාරටම මාව මේ රූපෙ හැපුණනෙ... "

"ඇයි ඔයා වෙනිං කල්පනාවකද හිටියෙ? "

"පිස්සුද..? මං ටීවී එක දාන්නයි ගියේ... "

තම ඇස්වටය පෙදෙසින් සිහින් වේදනාවක් නැග එන බවක් ජිමින්ට හැඟෙන්නට විය.

"ඌයි..."

"ඇයි මොකෝ.. කකුල ඇමැට්ටිවත් උනාද.."

"නෑ... මං හිතන්නෙ නෑ... බලමු.."

"ආ.. කකුල තුවාල වෙලා නේද ? කෝ ඉන්න බලන්න.... "

ජිසා පලස මත වාඩි වෙමින් ජිමිම්ගේ පය පිරික්සන්නට වූවාය. ජිමින්ද එදෙසට සිය අවධානය යොමු කළේය.

ඇස් වටයෙන් සිහින් ලේ බිඳු දෙක තුනක් ගලමින් තිබිණි. වහා ගෙතුළට ගිය ජිසා ඔවුන්ගේ ප්‍රථමාධාර පෙට්ටියෙන් පුලුන්, ග්‍රෝස්, සර්ජිකල් ස්ප්‍රීතු, තුවාලවලට දමන ක්‍රීම් එකක් සහ ප්ලාස්ටර් ගෙන ආවාය. ඉතා සීරුමාරුවට තුවාල ශුද්ධ කිරීමට ජිසාට තිබුණේ උපන් හපන්කමකි. එම කාර්යයෙහි සිය බුහුටි බව මොනවට ප්‍රදර්ශනය කරමින් ඇය ජිමින්ගේ තුවාලය ශුද්ධ කරන්නට විය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now