chapter 45

53 19 6
                                    

" දෙයියනේ....... මෙයාලා මේ මැරිල ඉන්න විදිහටම තේද දැන් අපේ දරුවොත් නිදාගන්නෙ ?...... මට මතකයි ජිමින් මා එක්කත් දවසක් ඒ ගැන කිව්ව....."

ඇයට එම අවස්ථාව සිහිවන්නට විය. තමාට නින්ද ගොස් සිටි අතරේ මහ රෑ වී නිදියහනට පැමිණි ජිමින්ගෙන් තමා දරුවන් ගැන විමසු බව ද, එසේ විමසූ විට ඔවුන් අලුත් මෝස්තරේකට නිදාගෙන ඉන්න බව ඔහු පැවසූ අයුරු ද ඇයට සිහි විය. තම දරුවන් වකුටු වී නිදාගන්නා එම අලුත් මෝස්තරයට ඔවුන් හුරු වූයේ මේ නිවසට ආ පසු නොවේද ? වැඩි දුරටත් පුවත්පත් කියවූ ජිසාට දැනගන්නට ලැබුණේ ඩිෆෝ පවුලේ දරුවන් මරා දමා තිබුණ කාමර වලට දැන් තමාගේ දරුවන් නිදා ගන්නා බවයි.

"දෙයියනේ......... ඇයි අපි මේව කලින් නොහිතුවේ.........."

ඇමිටිවිලා නිවසේ සැලැසුම, මිනී මැරුමේ සිදු වූ තැන් රෑ සටහන් මගින් මැනවින් පැහැදිලි කොට තිබිණි. භීතිය, ත්‍රාසය තම ගත වෙලා ගනිද්දී ජිසා තව තවත් මිනී මැරුම් වලට අදාළ තොරතුරු කියවන්නට වූවාය.

මේ මිනීමැරුම් පිළිබඳ ඇය අසා දැන සිටිය ද, ඒවා මෙතරම් ක්‍රෑර හා අමානුෂික ආකාරයෙන් සිදු කොට ඇතැයි ඇය දැන නොසිටියාය. මේ මිනීමැරුම් වල ඇති අමානුෂික ස්වභාවය ඇගේ ගත හිරිගඬු පුප්පවන්නට සමත් විය. රොනල්ඩ් ඩිෆෝ ගේ පාපෝච්චාරණය ද ඇගේ අවධානයට ලක් වූ කරුණක් විය. තමාගේ මව පියා, සහෝදර සහෝදරියන් මරා දමන ලෙසට තමාට නිවස තුළ වු යම් අද්භූත බල වේගයක් පැවසූ බවත්, අනතුරුව එම බලවේගය තමාව එයට මෙහෙය වූ බවත් සඳහන් කොටස් කියවද්දී, ජිසාට සිතුණේ එය සත්‍යයක් විය හැකි බවයි. තමාටත් ජිමින්ටත් මේ දින කීපය තුළ දී සිදු වූ සිද්ධීන් ගැන කල්පනා කරද්දි එසේ සිතීමේ වරදක් ඇතැයි ඇයට නොපෙනිණි.

ඡායාරූප වලට අමතරව ඇගේ අවධානය දිනාගත් අනෙක් ප්‍රවෘත්තිය වුයේ ඉතිහාස පුවතකි. එහි සඳහන්ව තිබුණේ ඇමිටිවිලාභී ඉතිහාස යයි. ඒ අනුව ඇමිටිවලාව පිහිටා ඇත්තේ රතු ඉන්දියානුවන් සමූල ඝාතනය කළ සමූහ මිනි වළක් මතයි. රතු ඉන්දියානු සමූලඝාතනයන්, එහි නායකයාගේ ශාපය ඇගේ සිතේ තදින් තැන්පත් විය.

"ඒ කියන්නෙ අපි ඉන්න ගේ තියෙන්නෙ රතු ඉන්දියානු මිනි වලක් උඩ ?"

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Unde poveștirile trăiesc. Descoperă acum