chapter 81

44 12 0
                                    

මෙවර නම් ජිමින්ට කෑ ගැහුනා. ඔහු වියරුවෙන් වගේ ජිසාගේ දෙවුරෙන් අල්ලා සොලවන්නට ගත්තා.

"ජිසා... ජිසා.. මොකද මේ? මයි ගෝඩ්... ජිසා... ජිසා... "

බිහිසුණු මුහණ එක් වරම ජිමින්ගෙ පැත්තට හැරිලා නැවත වහා නැවී දෙදණ අතරේ ජිසා ඔලුව හංගගත්තා.අනතුරුව ටිකකින් ජිමින්ට පෙනුණේ ජිසා ඉකිබිඳින අයුරුයි.

"ජිසා... ජිසා... මයි ලව්....අඬන්න එපා... මං ඉන්නවනෙ..''

ජිමින් සෙමෙන් ඇගේ මුහුණ ඉස්සුවෙ දැන් එය කුමන ස්වරූපයක් ගෙන ඇත්තේදැයි සැකයෙනි. ඒත්, එහි වූයේ ජිසාගේම රූමත් මුහුණයි. ඇය හඬමින් සිටියා. ජිමින් ඇය තුරුලු කර ගත්තේය.

"ඇයි ජිසා.... ඇයි... මොකද උනේ.... ?"

"මං හීනයක් දැක්ක ජිම්.. මහ භයානක හීනයක්. මෙහෙ හිටිය හය දෙනාවම මරපු හැටි මට පෙනුන.... අන්තිමට ඌ මගේ මුණටත් තුවක්කුව අල්ලල්ල කොකා ගැස්සුවා.... එච්චරයි මට මතක..."

සුසුමක් හෙළපු ජිමින් ඇය ව තවත් තදින් තමාට තුරුලු කරගද්දි ජිසා ජිමින් වෙත ප්‍රශ්නයක් දිගහැරියා.

"මං මොනවද කළේ ජිමින්...? ''

ටිකක් වේලාවක් කල්පනා කළපු ජිමින් ඔහු මුහුණ දුන් සත්‍ය සිදුවීම ඇයට කිව්වා බොරු කීමෙන් කුමන නම් පලයක්ද?

"මට ඔයාට බොරුවක් කියන්න ඕනෙ නෑනෙ ජිසා... මං මගෙ ඇස් දෙකෙන්ම ඒක දැක්ක.."

ජිසා වහා ඇඳෙන් බැස ගොස් කණ්ණාඩි මේසය ඉදිරිපිට වාඩි වී තමන්ගේ මුහුණ ඕනෑ කමින් නරඹන්නට වූනා. ජිමින්ගේ මුවට නැගුණේ මඳ සිනාවකි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now