Chapter 8

56 14 2
                                    

" ගෙට් අවුට්.... මකබෑවියං... "

  මේපාරනම් නිච්චියටම ඒ වචන එයාට ඇහුනා කියලා පූජකවරයාට සහතික උනා. සිහින් දා බුදු එයාගෙ පලල් නලල් තලයෙ මතු උනා. අසාමාන්‍ය සීතල ගතියකුත් එක්ක යමෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් ටේහ්‍යුන්ට දැනෙන්ට ගත්ත... වැඩි දුරටත් එම් කාමරයේ සෙත් කිරීමට නොසිටි ඔහු ඉන් ඉවතට ගියේ තිගැස්සීමක් හදවතට තුරුලු කරගෙනයි..

  " මට හොඳටම විශ්වාසයි මේ පාර නම් වට ඒ වචන හරියටම ඇහුණ බවට..... මේක නම් මගේ හිතලුවක් වෙන්න බෑ. මෙහෙ මොකක් හරි තියෙනවා. ඒත් මං කොහොමද මේක හරියටම දැනගන්නේ නැතුව මේ මිනිස්සුන්ට ඒ ගැන කියන්නේ? මෙයාලා මේ ගෙදරට ආව පළවෙනිම දවසෙ අනවශ්‍ය බයක් ඇති කරවන්නෙ මොකටද? සමහර විට මගෙ මේ යාඥා මෙහෙයෙන් පස්සෙ ඔය දෝෂ නැතිවෙලා යන්නත් පුළුවන්.....බලමු... අපි බලමුකො ටික දවසක්...''

    ලොකු කල්පනාවකින් පඩිපෙළ බැසි පූජකයා යළි පියෙවි ලොවට පිවිසියේ හිණි පාමුල සිටි ජිමින්ගේ කට හඬින්

"හරිද ෆාදර් ..... බ්ලෙස් කරල ඉවරද?...''

දේවගැතිවරයා තුළ වූ තැති ගැන්ම පිටතට ද දිස්වන්නට ඇතැයි සිතිය හැක්කේ ජිමින් ඊළඟට විමසූ පැනයට සිත යොමු කිරීමෙනි.

" ෆාදර් මොකෝ නිකං අමුතු වෙලා වගේ..... ''

"මම .................. එහෙම දෙයක් නෑ…. දන්නැත්ද ඉතිං... මේ වයසට තට්ටු දෙක තුනක් නැගල බහින්න ලේසි නෑනේ... ඒ නිසා වෙන්න ඇති.... ඔන්න... දැන් ඔක්කොම හරි... මුකුත් ප්‍රශ්නයක් නෑ.... මම හොදට බ්ලේස් කලා..  ආ ඒක නෙවෙයි.... ලමයින්ට එහෙම වෙන ම කාමර දෙනවාද ? කොහොමද ඔයාල හිතලා තියෙන්නෙ.... "






____________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Onde histórias criam vida. Descubra agora