chapter 56

39 15 2
                                    

දේවගැතිවරයා සාලයේ සිට ගෙතුළට ඇතුළුවන දොරට උන් වූ හිස් බිත්තිය පෙන්වමින් කීවේය. ජිසා එය තම දෝතින්ම ගත්තේ, මේ නිවසට පැමිණි ඇති උවදුරු මෙසිනයිවත් දුරුවේවායි  ප්‍රාර්ථනයෙන් යුතුවය.

ඉන් පසු දේවගැතිවරයා පිළිවෙලින් සුවඳ දුම් අල්ලන භාජනයක්, ශුද්ධ වූ ජලය සහිත බෝතලයක්, බයිබලයක් එයින් එළියට ගත්තේය.

" හරි අපි දැන් වැඩේ පටන් ගනිමු... කෝ ළමයි. ? "

"  එයාලා මිසිස් හොගාර්ට්ලගෙ ගෙදර පාටියක ...."

"හරි ඔයාලා මෙහෙට වෙලා ඉන්න... මං බ්ලෙස් කරන්න පටන් ගන්න "

ජිමින් එකිනෙකාගේ මුහුණු දෙස බලාගනිමින්ම සාලයේ වූ සෝපාවක වාඩි වූහ. දේවගැතිවරයා ආශිරිවාද පාඨ ගායනා කරන හඬ ගෙතුළින් ඇසෙයි. ඔහු ගෙතුළ එහා මෙහා යන අයුරු පඩි පෙළවල් නගිත අයුරු ජිසාගේත්, ජිමින්ගේත් සිත්වල ඇඳෙන්නට වූයේ ගෙතුළින් හඬ අනුසාරයෙනි. දොරවල් ඇරෙන වැහෙන හඬ, පඩි පෙළේ යද්දි ඇසෙන කිර කිරිය සමහර බඩු එහා මෙහා වන හඬ ඒ අතර විය. දේවගැතිවරයා තම නිවස තුළ ගත කළ පැය භාගයක පමණ කාලය ඔවුන්ට දැනුණේ දවස් භාගයක් මෙනි. ආශීර්වාද මෙහෙය නිමවා දේවගැතිවරයා සාලයට පිවිසෙනු දුටු දෙමහල්ලෝ නැගී සිටියහ.

දේව ගැති ටේහ්‍යුන් වෙතින් දිස් වූණේ වෙහෙසකර බවකි. ඔහුගේ සියලඟම දාදියෙන් තෙත්ව ඇති බවට ජිසා සිතා ගත්තේ, ලෝගුවේ තැනින් තැන මතු වූ තෙත් පැල්ලම් දැකීමෙනි. ඔහුගේ නළලතෙහි වූ සිහින් දාදිය බිඳු නම් දෙදෙනාටම පැහැදිලිව දැක ගත හැකිවිය. දේවගැතිවරයා තම හඬ අවදි කරද්දී ඔහුගේ යටිතොල වෙවුලුම් කැවේය.

" ඕ...මයි ගෝඩ්... ඕ .... ජීසස්...''

දේවගැතිවරයාගේ හඬෙහි සන්ත්‍රාසය නොඅඩුව ගැබ්ව තිබිනි

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now