chapter 23

45 10 3
                                    

ඇමිටිවිලා නිවසට ආශීර්වාද කොට පැමිණ දින පහ හයක් ගියත් , දේවගැති ටේහ්‍යුන්ට ඒ ගෙදර අමතක කරන්න හම්බුනෙ නෑ... ඔහු සාමාන්‍යයෙන් නොසැලෙන චරිතයක්. ඒත් මෙදා නම් එහි යම් සසල වීමක් සිදු වූ සෙයකි. එදා ඒ නිවස තුළ දී සිදු වූ සිදුවීම් ඔහුට නිරන්තරයෙන් මතකයට නැගෙන්නට විණ.

"හරිම පුදුමයි... ඒ ගෙදර නම් මොකක් හරි බලවේගයක් තියෙනව.... මොකක් ද ඒ ? හොල්මන් ?:අවතාර ? මොන බොරුද? ඒව හොඳයි දහඅට වෙනි සියවසට... ඒත්... ඒත්.. මොකක්ද මට එදා ඇහිච්ච සද්දෙ...? එක පාරක් නම් හිතියහැකි මගේ හිතේ සැකේට ඇහුණ දෙයක් කියල.... ඒත් දෙපාරක්ම අනෙක කවුරු හරි මා දිහා බලා ඉන්නව වගේ මට හොඳට දැනුනා... ඊට හපත් මං එද්දි කවුද ඒ ජනේලෙ ළඟින් අහකට ගියා... එතත කවුරුම හරි හිටිය... ඒක නම් මට හොඳටම විශ්වාසයි... අනෙක අම්මෝ ඒ කාමරේ තිබුණ හීතල... දැනුත් හිරිගඩු පිපෙනව මතක් වෙනකොටනං... එහෙ තියෙන්නෙ මොක උනත්,ඒකෙ වැඩිම බලපෑමක් තියෙන්නේ ඒ කාමරේට බවනං පැහැදිලි.. ඒ බලවේග තියෙන්නෙ එතන... ම්... මොකටද මිසිස් පාර්ක් ඒ කාමරේ ගත්තැයි කිව්වෙ? ම්... ම්... හරි... මහන කාමරේට.. කෝක උනත් එයාල ඒ කාමරෙන් ඈත් වෙලා ඉන්නවනම් වැඩිය හොඳයි මට හිතෙන විදිහට....ඔව්... මගෙ යුතු කමක් ඒක එයලට කියන එක... ඒත් කොහොමද මං ඒක එයාලට කියන්නෙ... ගෙට ඇවිත් තාම දවස් ගාණයි... ඒ මිනිස්සුන්ගෙ හින් නොසන්සුන් කරන්නත් බෑ... මේක එයාලට නොකියත් බැහැ. හිත් කලබල නොවෙන විදිහට හීන් සීරුව කියන්න ඕනෙ "

දේවගැති රැල්ෆ් බොහෝ දුර තමා සමඟම තර්ක විතර්ක කිරීමෙන් පසුව ඇමිටි විලා නිවසට ඇමතුමක් ගන්නට තීරණ කලා. ඇමිටිවිලා නිවසේ දුරකථනය නාද වනු ඔහුට ඇහුනා

" හලෝ.." එහා කෙළවරින් පිළිතුරු ලැබිණි.

"හලෝ....මිස්ටර් ජිමින් පාර්ක් ප්ලීස් "

"ඔව්... කතා කරනවා..."

" හලෝ ජිමින්.... මේ ෆාදර් ටෙහයුන් "

"හලෝ ෆාදර් ... ගුඩ් මෝනි..."

'' ගුඩ් මෝනිං ජිමින්.... කොහොමද ගෙදර.... මුකුත් ප්‍රශ්නයක් නෑනෙ....?''

" අපෝ නෑ ෆාදර් ... කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝම හොඳින්..."

තවත් මඳ වේලාවක් ජිමින්ලාගෙගේ ආ ගිය තොරතුරු පවුලේ සැප දුක විමසූ දේවගැතිවරයා, ක්‍රමානුකූලව තම මාතෘකාවට එළඹීමට පියවර ගත්තේය.

"ඒක නෙවෙයි ජෝර්ර්... ළමයි නිදාගන්නෙ වෙනම කාමර වලද?"

"ඔව්... ඇයි ෆාදර් එහෙම ඇහුවේ ? "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now