Chapter 60

40 15 0
                                    

"සද්දෙ ආවේ සාලෙන්.. ඊයෙත් ඇහුණේ ඒකමයි.. ඒත්. අද සද්දෙ වැඩියි. "

"යං බලන්න..."

"බලමු"

දෙමහල්ලෝ පිය ගැට පෙළ දිගේ පහළට බසින්නට වූහ. සාලයේ විදුලි පහන් දැල්වූ ඔවුන්ට දැක ගත හැකි වූයේ විස්මය ජනක දසුනකි. නිවසට පිවිසෙන ප්‍රධාන දොර ඇරි තිබිණ. දොරේ යතුරු දමන තැන වූ ඇතුළට පොරෝ පහරක් එල්ල කළ කලක මෙන් තැලී පොඩි වී තිබිණි. ඒ ආසන්නයේ වූ දොර ලෑලි ද පිපිරී ගොස් තිබිණි. නිසැකවම මෙය එළියෙන් එල්ල කළ පහරකි. ඔවුහු එළි මහනේ විදුලි පහන් දල්වා වට පිට පිරික්සන්නට වූහ.

"කවුරු හරි මොකක් හරි බර ආයු දෙකින් දොරට ගහල කඩල තියෙනව..."

" කවුද ඉතින් අපිට ඔහොම කරන්න ඉන්නේ... "

ජිසා පැවසුවේ එළිමහනේ දොර අසල බිම බලමිනි. ඇය නැවත කතා කරන්නට වූවාය.

" අනෙක එළියෙන් කවුරු හරි ආවනං කෝ අඩි පාරවල්? ''

ජිසා කියන්නේ සැබෑය. ගෙවෙන්නෙ ශීත රිතුවයි.හාත්පස හිමෙන් වැසී ඇත. එළිමහනේත් කවුරුන් හෝ පැමිණියා නම් නිසැකවම ඒ තැනැත්තාගේ අඩි සටහන් හිම මත සටහන් විය යුතුමය. එහෙත් පෙනෙන තෙක් මානයක කිසිදු අඩි සටහනක් නොවිණි. පැහැදිලි හිමතලාව සුදු සැටින් රෙද්දක සිරි ඉසිලීය. ගෙතුළට ආ ජිමින් හා ජිසා මේ සිදුවන අකර තැබ්බවලින් හෙම්බත්ව සිටියහ.

"අනේ මන්ද... දැන් අපි මොකද කරන්නේ ? "

" මන්ද... මටත් හිතාගන්න බැ.ද ෆාදර් බ්ලෙස් කරපු එකෙත් වැඩක් වෙලා නෑ වගේ... "

" ඒ වගේ තමා...''

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now