chapter 44

48 16 7
                                    

" මෙන්න....... මෙතන තියෙනවා ඔයා ගයන පත්තර... "

මැරියට් මහත්මිය ඒවා ජිසාට දෙනගමන් කිව්වා.

" හරි... එහෙනං  ඔයාට අවශ්‍ය දේවල් සොයා ගන්නකො..... මොනව හරි ඕන උනොත් මට කතා කරන්න......... ''

" හොඳයි..... ඔයා නං මේ වැඩේට හොඳට ගැළපෙනව... "

මඳ සිනාවකින් දෙතොල සරසාගත් මැරියට මහත්මිය එනතින් ඉවතට ගියාය. තමා වෙත ලබා දුන් මයික්‍රොෆිල්ම් කාටිරේජ්ය අදාළ යන්ත්‍රයට ඇතුළු කළ ජිසා 1974 නොවැම්බර් 14 වෙනිදායින් පසු පුවත්පත් වල පිටු දෙසට තම අවධානය යොමු කළාය. මිනී මැරුම් සිදු වූවාට පසු සෑම පුවත්පතකම ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කොට තිබුණේ ඒ ප්‍රවෘත්තියයි.

ඩිෆෝ පවුලේ ඉතිහාසය, එම නිවසේ ඉතිහාසය, එම ප්‍රදේශයේ ඉතිහාසය, මිනී මැරුම් සිදු කොට තිබූ අයුරු, රොනල්ඩ් ඩිෆෝ ගේ කට උත්තර මිනී මැරුම් දුටු අයගේ කට උත්තර, මිනී මැරුම් වල ඡායා රූප ආදී දෑවලින් පත්තර පිටු පිරී තිබිණි.

පුවත්පත් පිටු තුළින් ගමන් කරන්න කරන්න ජිසාගේ සිතේ ඇති වූ කුතුහලය ද දලුලන්නට විය. එයට හේතුව වූයේ එක්තරා ප්‍රවෘත්තියක් හා ඡායාරූප කීපයකි. ඒ ඡායාරූපයන්හි වුයේ ඩිෆෝ පවුලේ දූ දරුවන් නිදියහන් වලම මැරි සිටින ආකාරයයි. එම ඡායාරූප දකිද්දි ජිසාගේ සිතේ ඇති වූයේ අමුත්තකි. ඒ ඇයිදැයි ඇය තමන්ගෙන්ම ප්‍රශ්න කරගන්නට වූවාය.

" මොකක්ද මට හිතෙන්නේ.......මට හරි අමුත්තක් දැනෙනවා........ මේ ෆොටෝ මට හරි හුරුයි වගේ...... "

ඇය තව තවත් තම සිත වෙහෙස කරවන්නට වූවාය. අන්තිමේ දී අදාළ හේතුව ඇයගේ සිතට නැගිණි. එය සනාථ කරගත් මොහොතේ ඇය භීතියෙන් ගල් ගැසිණි.

___________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now