Chapter 62

44 15 1
                                    

පසුදිනට පහන් වූයේ ජිසාගේත්, ජිමින්ගේත් සිත්තුළ නොසන්සුන්තාව වර්ධනය කරමිනි. ගතවන සෑම මොහොතක් පාසාම තමන් යම් අද්භූත ගුප්ත බලවේගයක ගොදුරු බවට පත් වන්නේ යැයි දැන් දැන් ඔවුන්ට සිතේ.

දේවගැතිවරයාගේ යාඥා කිරීම් වලින් හා ආශීර්වාද ගැන්වීම් වලින් පලක් වී නොමැත. සමහර විට ඉන් මෙහි ඇති අමානුෂික බලවේග කුපිත වී ඇතැයි ජිසාට සිතුණේ මෙතෙක් සිදු වූ දරුණුම සිදු වීම එනම් දොර කඩා දැමීම සිදු වූයේ ඉන් පසු නිසාය.

ඔවුන්ගේ සිතට ඇති එකම සැනසිල්ල නම්, තවමත් ඔවුන්ගෙන් කිසිවෙකුට ශාරීරික හානියක් නොවීමයි. එහෙත්, කරුණු කාරණා සිදුවෙමින් පවතින විදිහට, එය ද සිදුවීමට බැරි නැත. දරුවන්ට මේ සිදුවන කලබගෑනි එතරම් නිච්චියක් නොවීම ජිසාගේ හිතට මඳ සැනසුමක් ගෙන දෙයි.

ඔවුන් අතරින් තරමකට හෝ අසාමාන්‍ය සිදුවීමකට මුහුණ දී ඇත්තේ බඩ පිස්සිය වූ මිසි පමණි. ඒ ඇගේ මනඃකල්පිත හෝ එසේත් නැතිනම් තවත් අද්භූත බලවේගයක් දෝයි සැක සිතෙත ජෝඩි නම් ඌරා හරහාය.

ජිසාගේ මේ සිතුවිලි යම් බලවේගයකින් දැනගත් විලසින් ඇය ඉදිරියෙහි මිසී පෙනී සිටියාය. අනපේක්ෂිත අයුරින් තමා ඉදිරියේ මිස පෙනී සිටීමෙන් ජිසා තිගැස්සුණාය. මිසි ඇය දෙස බලා සිටියේ ඇසි පිය නොහෙළාය.

"මොකද පැටියෝ... ඇයි මොකක්ද ? "

" අම්මේ ජෝඩි....”

ජිසා මේ පසුවන්නේ ඌරෙකුගේ හුරතලය ඇසීමට සුදුසු මානසික තත්ත්වයකින් නොවේ. ජෝඩිගේ නම ඇසීම පවා කැතීට ගෙන දුන්නේ අපහසුතාවකි.

"එයා ජනේලෙන් එළියට පියැඹුවා.."

ජිසා ඉතා ඉවසීමෙන් කතා කළාය.

" ඕ... කේ... එයා ගියාවේ... ඔයා එයාව හම්බ නොවෙනවනං තමා වඩා හොද..."

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now