Chapter 32

42 17 2
                                    

" හරි හරි..... එත් මේ ඕවා කතා කරන වෙලාවක් නෙවෙයිනෙ.... දැන් නිදාගන්න... අපි හෙට මේ ගැන කතා කරමු... "

දිගු හුස්මක් හෙළූ ජිසා, අසල තිබූ වතුර වීදුරුවෙන් වතුර උගුරු දෙක තුනක් ද පානය කොට නැවතත් ඇඳට වැටුණාය. ජිමින් ද ඇය අසලින් වැතිරි ඇගේ ඉණවටා තම සුරත යැව්වේය.

ඔහුගේ දෑස ඉබේටම අසල වූ මේස ඔරලෝසුව වෙතට යොමු විය. එහි වෙලාව පාන්දර 3.10 සේ දැක්විණි. ජිසා බිය වී, අවදි වී කළ කතාබහට විනාඩි 10ක් ගතවන්නට ඇත. එසේ නම් ඇය අවදි වී ඇත්තේ පාන්දර 3 ටයි. පසුගිය හැමදාකම පාහේ තමාට පාන්දර 3 ට අවදි වීමට සිදු වූ අයුරු ඔහු සිහිපත් කළේය.

අද තමා අවදී නුවුවත් ඒ වෙනුවට කැති අවදි විය. දිගින් දිගටම වන්නේ ඇයි ? පසු ගිය දින කීපයේම තමා එසේ අවදි මෙසේ සිදු වූ බවක් ඔහු ජිසාට පවසා නොතිබිණි. ඒ පිළිබඳව වැඩි දුර නොසිතා නැවත නිදි දෙව්දුව වැලඳ ගැනීමට ජිමින් උත්සාහ කළේය. ඒ උත්සාහය සාර්ථක වන විට තවත් පැය භාගයක් පමණ ගෙවී ගොස් තිබිණි.

___________________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Tempat cerita menjadi hidup. Temukan sekarang