chapter 17

45 14 0
                                    

" කවුද ඒ? කවුද මාව බදාගත්තෙ ? මට හොඳටම තේරුණා.. එක මගෙ හිතලුවක් වෙන්න බැරිද? බෑ...බෑ... ඒක ඇත්ත... ඇත්තටම ඒක එහෙම වුණා..  මං මේ ගැන ජිමීට කියනවද? එක්කො ඇත්තටම මට එහෙම දෙයක් උනාද ? අනේ මන්ද. මට නිකං ඒක හීනයක් වගේ... මට කිසි දෙයක් හිතා ගන්න බෑ. ජිමින් කියයි මං නිකං කලබල වෙලා කියලා..."

මෙසේ විවිධ අතට තර්ක කළ ජීසා අවසානයේ ඒ ගැන ජිමින්ට නොකියන්නට තීරණය කළාය.

"තව ටිකක් බලමු... බලමු මොකද වෙන්නේ කියලා ... "

මෙවැනි දේ සිතමින් මුළුතැන්ගෙයි එක් කෙළවරකට ගිය ජිසාට උඩ කාමරයේ දී දැනුණ ශීතලට සමාන ශීතලක් දැනෙන්න ගත්තෙ ඇගෙ හිරිගඩුද පිපෙමින්.. මීට කලින් ද මුළුතැන්ගෙයි මේ ස්ථානයේ දී අමුතු සිසිලසක් දනුණු බව ජිසාට එවිට සිහිපත් උනා. එමතුද නොව, ඇයට එක දිගට එවැනි සිදුවීම් පෙළක් සිහියට නැගෙන්නට විණි.

" දැනුයි මට මතක් වෙන්නෙ... මොකක් ද ඒ හිතල...? පැන්ට්‍රියෙ අන්න අර මුල්ල ළඟදිත් මට හීතලක් දැනුණ ආව දවසේදිම. උඩ තට්ටුවේ තියෙන කොරිඩෝ වෙත් එහෙම හිතලක් දනුණ බව මට මතක් වෙන්නෙ දැන්... එදා මං හිතුවෙ ඒ කොරිඩෝවේ ජනේලෙ ඇරිල තිබ්බ නිසා දැනුණ හීතලක් කියල. කෝකටත් මේ ගැන තව ටිකක් හොයල බලන්න ඕනේ..."

තමාට ළඟ ළඟම විඳින්නට වූ අත්දැකීම් ජිසාට ගෙන ආවේ සතුටක් නොවේ. බිම් මහලේ කාමරය... එය තවමත් ඇයගේ සිත තුළ හොල්මන් කරයි. ජිමින් මොනවා කීවත් එය මහා අබිරහසක් සැඟව තියෙන ගුප්ත ස්ථානයක් ලෙසයි. ඇයට දැනෙන්නේ, දැන් තවත් සිදුවීම් දෙකක්.

අබිරහස් ආලිංගන..
ගුප්ත වූ ශීතල...

සාමාන්‍යයෙන් නිර්භීත ගැහැනියක වූ ජිසා  තවමත් මේ සිදුවීම් ගැන සසල වුයේ නැ. මේ නිවහන වෙනුවෙන් සෑහෙන මුදලක් යටකර ඇති බව සිහිපත් කළ ඇය, එය වතුරේ නොයැවීමට වගබලා ගත යුතු බව සිහිපත් කළා..අනෙක මේ අනවශ්‍ය දෑ දරුවන්ගේ සිත්වලට දැමිය යුතු නොවේ. වත්තේ වැඩ කළ ජිමින් නිවසට පැමිණි විට දුටුවේ කල්පනාවේ යෙදී ඉන්නා ජිසාය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now