Chapter 49

41 15 4
                                    

ජිසා ඒ ගැන අහනකොට , මිසී කිව්වෙ ඈ අත වැනුවෙ ජනේලයෙ හිටපු කෙබෙක්ටයි කියායි. ඒ කවුදැයි විමසා, ඊට පිළිතුරු ලැබීමට පෙර සිය නිවස තුළට ගමත් ගත් බවත්, මිසිට එයට පිළිතුරු දීමට අවස්ථාවක් නොලද බවත් ජිමින්ගේ මතකයට ගලා ආවේය.

''කවුද ෆාදර් එතන හිටියෙ "

"මට ඒක හරියටම කියන්න බෑ.. ඒත් මං හොඳටම දක්ක කවුරු හරි එතන ඉඳන් යනව......"

" ඒ අපේ ගෙදර කෙනෙක් වෙන්න බැරිද? "

" බෑ.... ඔයාල ඔක්කොම මං යනකොට ගෙයි දොරකඩට ආවනේ..."

ජිමින්ගේ සිතට මෙපමණ වෙලාවක් තිස්සේ වධ දුන් ප්‍රශ්නය ඇසීමට වේලාව එළඹ ඇති බව  ජිමින්ට සිතිණි.

" ෆාදර්... ඇයි ඔයා මෙච්චර දේවල් දනගතත් මට ඒව නොකියුවෙ "

දේවගැතිවරයා දිගු සුසුමක් හෙළුවේය.

''මං ඒකට උත්සාහ කළා ජිමින්.. උත්සාහ කළා... මතකද එදා මම ගෙදර බ්ලෙස් කරල එළියට එද්දි මං ඔයාට පොඩි ඉඟියක් දුන්න......මතකද? මතකද ? එදා අපි කතාවුණ දේවල්... ''

දින කීපයකට කලින් ගත වූ එම මොහොත මෙතරම් ඉක්මනට තමාගේ සිහියෙන් ගිලිහී යාම ගැන ජිමින් පුදුමයට පත්විය. එම සංවාදයේ කොටස් ඔහුගේ මතකයට නැගෙත් නැගෙත්ම ඔහු වඩ වඩාත් විමතියට පත් වූයේ දේවගැතිවරයා දන් පැවසූ බොහොමයක් කරුණු, එම සංවාදයේදී ද පවසා තිබූ බැවිනි.

"ඇත්ත නේන්නං..ඇයි දෙයියනේ මට ඒ ගැන හිතුණෙ නැ...... එදා ෆාදර් කිව්ව නේ ඔය කාමරේ ගැන.... එකෙ මොකදෝ අමුත්තක් තියෙන කතාවකුත් කිව්ව තමා...... එකෙන් අපිට ඇත්වෙලා ඉන්නයි කිව්ව වගේ මතකයි.... ඒව කියාගෙන එනකොට තමයි ෆාදර් ෆෝන් එක කට් කළේ? "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now